සමහර PHI ලා ස්ට්‍රයික් කරද්දී සමහරු වැඩ

සමහර PHI ලා ස්ට්‍රයික් කරද්දී සමහරු වැඩ


උතුරේ සේවය කරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙකුගේ සේවා අයිතීන් වෙනුවෙන් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුවත් මහනුවර නගරයේ ක්‍රියාත්මක ඩෙංගු මර්ධන වැඩසටහන වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සේවය කිරීම සිදුවිය.
වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබදව තමන්ට කෙටි පණිවුඩ සේවාව ඔස්සේ දැනුම්දීමක් ලැබුණු නමුත් පෙර සිට සැලසුම් කළ සේවා රාජකාරී මග නොහැරිය හැකි නිසා විශේෂ අවශ්‍යතාවක් වෙනුවෙන් ඩෙංගු මර්ධනය සදහා සේවය කරන බව අප කළ විමසීමේදී මහනුවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ප්‍රකාශ කළේය.
මහනුවර නගරය හා නාගරික ප්‍රදේශය ඩෙංගු අධි අවදානම් තත්ත්වයකට පත්නොවීම සදහා මෙම විශේෂ වැඩසටහන මහනුවර මහනගර සභාව, ඩෙංගු මර්ධන ඒකකය, යුද හමුදාව, මහනුවර පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය ඇතුලුව ආයතන රැසක සහභාගීත්වයෙන් සිදුකරන බවත් ඒ වෙනුවෙන් සැලසුම් කළ වැටලීම් හා පරීක්ෂා කිරීමේ කටයුතු මග හැරිය නොහැකි බවත් එම නිලධාරීන් සදහන් කළේය.
නදීක දයා බණ්ඩාර - මහනුවර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment