ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පශු වෛද්‍යවරුන් වැඩවර්ජනයක

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පශු වෛද්‍යවරුන් වැඩවර්ජනයක

 

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත සකස් කළ බදවා ගැනීමේ පටිපාටිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, වැටුප් විෂමතා, පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම ඇතුලු වෘත්තීය ඉල්ලීම් කිහිපයක් සදහා කඩිනම් විසදුම් ඉල්ලා සිටින බව වැඩවර්ජනයට එක්වූ රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා කීවේය.

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරප්පාඩු 04ක් සම්පූර්ණ කිරීම සදහා මෑතකදී අයදුම්පත් කැදවා තිබුණු බවත් ඉතා කෙටි කාලයක් තුළදී අයදුම්පත් යොමු කිරීමට නියමිතව වූ බැවින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් 75 දෙනෙකුට පමණ එම අවස්ථාව මග හැරී ගිය බව ඒ මහතා කීවේය.

රජයේ බදවා ගැනීමේ පටිපාටිය අනුව අයදුම්පත් යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබිය යුතු වුවත් හම්බන්තොට හා යාපනය වැනි ප්‍රදේශවල සේවය කරන පශු වෛද්‍යවරුන්ට ඒ සදහා ලැබුණේ දින 03ක් වැනි ඉතා කෙටි කාලයක් යැයි ද ඒ මහතා කීවේය.

නිසි පරිදි කාර්යක්ෂම කඩඉම් නොපැවැත්වීම හේතුවෙන් නිලධාරීන් රැසකට උසස්වීම් හා වැටුප් දීමනා නොලැබෙන බවත් මේ හේතුවෙන් සුදුසුකම් සපුරා ඇති නමුත් උසස්වීම් නොමැති නිලධාරින් 150ක් පමණ වෘත්තීය වශයෙන් කළකිරීමට පත්ව සිටින බව ද ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.

පරිපාලනය විසින් කරන මෙවැනි දුර්වලකම් සදහා කඩිනම් විසදුම් ලබා දෙන බව විෂයභාර අමාත්‍යවරයා සදහන් කර මාස දෙකකට අධික කාලයක් ගතවී ඇති නමුත් මේ දක්වා විසදුම් ලැබී නැතැයි ද ඔහු ප්‍රකාශ කළේය. පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීම හේතුවෙන් මෙම වෘත්තියට වැඩි පිරිසක් යොමු නොවන බවත් වැඩි පිරිසක් රට අතහැර විදෙස් ගත වන බව ඒ මහතා කීවේය. පශු නිලධාරී පුරප්පාඩු 207ක් සම්පූර්ණ කිරීම සදහා අයදුම්පත් කැදවූ අවස්ථාවක ඒ සදහා ලැබී තිබුණේ අයදුම්පත් 115ක් වැනි ප්‍රමාණයක් යැයි ද ඔහු පැවසීය.

පළාත් රාජ්‍ය සේවයේ සියලුම පශු වෛද්‍ය නිලධාරීන්, ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ඒකකයේ පශු වෛද්‍ය නිලධාරීන්, වන ජීවි, සත්ව උද්‍යාන වැනි ස්ථානවල පශු වෛද්‍ය නිලධාරීන් මේ වෘත්තීය ක්‍රියාමාර්යට එක්ව සිටින බව රජයේ පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු මහතා වැඩිදුරටත් සදහන් කළේය.

නුවර නදීක දයා බණ්ඩාර

 

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment