විද්‍යාර්ථ විදුහලේ විදුහල්පති ඉවත් කිරීමට දෙමව්පියන්ගේ විරෝධය

විද්‍යාර්ථ විදුහලේ විදුහල්පති ඉවත් කිරීමට දෙමව්පියන්ගේ විරෝධය

 

දේශපාලන හේතුවක් මත වත්මන් විදුහල්පති කර්නල් රංජිත් රාජපක්ෂ මහතා ඉවත් කොට වෙනත් අයෙකු පත්කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කරන බව දෙමාපියන් පැවසූහ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයට අධ්‍යාපන බලධාරින් පැමිණෙන බවට දෙමාපියන්ට ලැබුණු තොරතුරක් අනුව ඔවුන් එහි පැමිණ සිටියහ.

ආණ්ඩුකාරවරිය සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා සහ මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.ඩබ්ලියු.විජේරත්න යන මහත්වරු කාර්යාලයෙන් පිටතට පැමිණි අවස්ථාවේදී දෙමාපියන් විදුහල්පති ඉවත් නොකරන ලෙසත් එය සාධාරණ නොවන ලෙසත් ආවේගශීලීව සදහන් කළහ.

ආණ්ඩුකාර කාර්යාලයේ ආරක්ෂක නිලධාරීන් මැදිහත්ව අධ්‍යාපන නිලධාරීන්ගේ වාහන කාර්යාලයෙන් ඉවතට ගැනීමට ඉඩ කඩ සලසා දුනි.

නුවර නදීක දයා බණ්ඩාර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment