බැඳුම්කර ගණුදෙනුවේ රහසිගත තොරතුරු මහබැංකුවෙන් අර්ජුන් ඇලෝසියස්ට Ceylon News 24x7 1:05:00 PM News Edit හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට අද කොමිසම හමුවේ අනාවරණය වූවා. අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරින් සමත්ව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ අනාවරණය කර සිටියා. මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසී පිළිබඳ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවට එම සංවාද ඔස්සේ හෙළි වී ඇති බව වාර්තා වෙයි. මේ අතර ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment