'එයාට Iraj ඒතරම් කෙනෙක් නෙවෙයි' - වික්ටර්ගේ බිරිඳ

ඉරාජ්ගේ අලුත් ගීතයේ මියුසික් වීඩියෝව ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකගේ පෞද්ගලික ජීවිතය මෙන්ම සංගීත දිවියද  හෑල්ලුවට ලක්කිරීමට උත්සාහ ගැනීමක් ලෙස මේ වනවිට දැඩි කතා බහක් ඇති වෙනවා. මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායක මහත්මයාගේ පාර්ශ්වයෙන් කරුණු විමසීමක් කිරීමට අපි අදහස් කළා.

වික්ටර් රත්නායක මහතා මේ අවස්ථාවේ ඔස්ට්‍රේලියාවේ සංචාරයකට සූදානමින් සිටින නිසා ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් පවසා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම තේරුමක් නැති වැඩක් බවයි.

"මගේ මහත්තයා ඒ ගැන කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ.එයාට ඉරාජ් ඒතරම් කෙනෙක් නෙවෙයි. වීඩියෝ එක බැලුවෙත් නෑ. හිතවත් යාලුවෝ කෝල් කරලා කියනවා. එච්චරයි. කොටින්ම කොහොමත් හස්බන්ඩ් මෙයින් කිසිම විදියකින් කම්පනය වෙලා නෑ.අපට සැසදෙන අපට පෑහෙන දේකට අපි අදහස් පළකරනවා මිසක් මේවා ගැන කතා කරන එකේ තේරුමක් නෑ."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment