හම්බන්තොටට ලිට්‍රෝ ගෑස් පිරවුම් කම්හලක්.


හම්බන්තොට, අම්පාර, මොනරාගල, මඩකලපුව, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ගෑස් පාරිභෝගිකයින් සඳහා මිල සහන සේවා ප්‍රතිලාභ ලබා දීමේ අරමුණින්, හම්බන්තොට ගෑස් ගබඩා පර්යන්තය ආශ්‍රිතව එල්. පී. ගෑස් සිලින්ඩර පිරවුම් කම්හලක් ස්ථාපනය කිරීමට ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සැලසුම් කර තිබේ.

එම කම්හල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 647.2ක මුදලකට, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන M/s. Dockyard General Engineering Services (Pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment