හිටපු අගවිනිසුරුගේ නඩුවට ජනාධිපති නීතිඥවරු 07 ක්.


කල්දමා ඇති පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස නියෝග කරන්නැයි ඉල්ලමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා, ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රීලංකා නීතිඤ සංගමය මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන පෙත්සම් සඳහා හිටපු අගවිනිසුරුවරයා සමඟ මෙරට ප්‍රවීණ ජනාධිපති නීතිඥවරුන් හත් දෙනකු පෙනී සිටීමට නියමිත බව දේශයට වාර්තා වෙයි.

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන, ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා, ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ අලි සබ්රි, ජනාධිපති නීතිඥ ෂවින්ද්‍ර ප්‍රනාන්දු සහ ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් එම නීතිඥ මණ්ඩලයට අයත්වන බව වැඩිදුරටත්ටත් දැනගන්නට ඇත.

මේ වනවිට හිටපු අගවිනිසුරුවරයා සිය පෙත්සම ගොනුකර ඇති අතර ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරුන් ලබන සඳුදා සිය පෙත්සම ගොනු කිරීමට නියමිතය.

හැකි ඉක්මනින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කරන ලෙස අදාළ පෙත්සම් මගින් ඉල්ලා සිටීමට අයඳුම්කරුවෝ අපේක්ෂා කරති. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment