සුළං විදුලියට ඇමැති රිෂාඩ් හරස් වෙයි


ඉදිරි කාලයේ ඇති වියහැකි විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස මන්නාරමේ ක්‍රියාත්මක කරන්නට යන සුළං විදුලි බලාගාර ව්‍යපෘතියට තමන් විරුද්ධ බව අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා මේ සතියේ කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

බලාගාර ඉදිකිරීමට තෝරා ගෙන ඇති ස්ථානය ගැන දැනටමත් ප්‍රදේශයේ ආගමික නායකයන් ද දැඩි විරෝධයක් පළකර ඇතැයි කී අමාත්‍ය බදුයුදීන් තමන්ට මෙම ඉදිකිරීම් අනුමත කළ නොහැකි යැයි කැබිනට්ටුවේදී සඳහන් කර තිබේ.

එහෙත් ආචාර්ය සරත් අමුණුගම, චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් රිෂාඩ් අමාත්‍යවරයාගේ අදහසට විරෝධය ද දක්වා ඇත. අවසානයේ රජයේ ආර්ථික කමිටුවට විරෝධය පළකරන පාර්ශව කැඳවා ප්‍රශ්නය සාකච්ඡා කිරීමට අමාත්‍ය මණ්ඩලය තීන්දු කළේය. 

(සංජීවිකා සමරතුංග)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment