ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ

ශිරන්ති එක්ක හම්බන්තොට ගිය සුනාමි ත්‍රීවිල් 100 කට වෙච්ච දෙයක් නෑ

 

එම ත්‍රීරෝද රථ 100 ලබා දී ඇත්තේ 2004 වසරේ දී පිහිට වූ පරිවාස රජය සමයේ දී වන අතර එවකට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණේ චන්ද්‍රසේන විජේසිංහ මහතා එම ත්‍රීරෝද 100 බෙදා නොහැර පරිවාස රථය බිඳ වැටී ඔහු අමාත්‍ය ධුරයෙන් ඉවත් වන තුරුම රඳවා ගෙන සිටි බව ධීවර සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුරුව 2005 වසරේ දී පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපති ධුරයට පත් මහින්ද රාජපක්ෂ මහතා විසින් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයා ලෙස ෆීලික්ස් පෙරේරා මහතා පත් කළ අතර ඔහු එම ත්‍රීරෝද රථ ධීවර සංස්ථාවේ මාළු බෙදා හැරීම සඳහා යොදා ගැනීමට රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වැය කොට මාළු කල් තබා ගැනීමේ උපකරණ සහිත අමතර කොටසක් ද සවි කොට තිබේ.

මේ අතරතුර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ හිටපු ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීමක් මත අදාළ ත්‍රීරෝද රථවල සවිකොට තිබූ උපකරණ සහිත කොටස් ඉවත් කොට හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලන හිතවතුන්ට ලබා දීම සඳහා රැගෙන ගොස් ඇති බව ද වාර්තාවේ. ධීවර සංස්ථාවට මාළු බෙදා හැරීම සඳහා සකස් කළ ත්‍රීරෝද 100 ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දීම සම්බන්ධයෙන් කළ විමසීමක දී හිටපු ධීවර අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුනාමි ව්‍යවසනයෙන් විනාශයට පත් වූ ත්‍රිරෝද රථ හිමියන්ට බෙදාදීම සඳහා යැයි ලිඛිත ඉල්ලීමක් කර එම ත්‍රීරෝද රථ 100 රැගෙන ගිය බවය.

ශාන්ත අබේසිරි ගුණවර්ධන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment