චාමර සිල්වාගේ තහනම ඉවත් කරයි

චාමර සිල්වාගේ තහනම ඉවත් කරයි
තරග තහනමට ලක් වූ චාමර සිල්වා ඇතුළු පිරිස ක්‍රිකට් ආයතනයේ අභියාචනා විමර්ශන කමිටුවට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර එය සලකා බැලීමෙන් පසුව මෙම තීරණයට එළඹ තිබේ. කෙසේ වෙතත් ඔවුන්ට දේශීය තරගවලට පමණක් සහභාගි වීමේ අවස්ථාව හිමි වේ.
 
පානදුර ක්‍රීඩා සමාජය සහ කළුතර ක්‍රීඩා සමාජය අතර පැවති අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිිකට් තරගයේදී කණ්ඩායම් දෙකම සිය ප්‍රසාද ලකුණු ඉහළ දමා ගැනීම සඳහා ක්‍රීඩාවේ ජීව ගුණයට හානි සිදුවන පරිදි ක්‍රීඩා කළ අතර ඒ සම්බන්ධයෙන් පසුව පරීක්ෂණයක් ක්‍රියාත්මක කෙරිණි. එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස කණ්ඩායම් දෙකේ නායකයන් වන චාමර සිල්වාට සහ මනෝජ් දේශප්‍රියට වසර දෙකක තහනමක් සහ සෙසු ක්‍රීඩකයන්ට එක් වසරක තහනමක් පැනවිණි.
 
කෙසේ වෙතත් පානදුර කණ්ඩායමේ නායකයා වන චාමර සිල්වා එම තරගයේදී ක්‍රීඩාවේ ජීවගුණයට හානි වන ලෙස ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කරමින් තරගයෙන් ඉවත්ව සිටි බවත් ඔහුගේ දැඩි විරෝධය එල්ල වූ බවත් වාර්තා විය. මේ නිසා චාමර සිල්වාට එරෙහිව තරග තහනමක් පැනවීම සම්බන්ධයෙන් ක්‍රීඩාලෝලීන්ගේ දැඩි විරෝධයට ක්‍රිකට් ආයතනයට එල්ල විය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment