ඩෙංගු රෝගීන් 90% කින් අඩුවෙලා - රාජිත සේනාරත්න

ඩෙංගු රෝගීන් 90% කින් අඩුවෙලා - රාජිත සේනාරත්න
ඩෙංගු රෝගය ලොවපුරා පැතිර යන රෝගයක් බවත්, සංක්‍රමණිකයන් සහ සංචාරකයක් හේතුවෙන් ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමට අපහසුතා ඇති වන බවත් ඇමතිවරයා පවසයි. 
 
මෙහිදී තවදුරටත් අදහස් දැක්ව වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
 
'වසර 2020 වනවිට සරම්ප, රුබෙල්ලා වැනි රෝග ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. බෝ නොවන රෝග පාලනය කිරීම අතින් ද ශ්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා. නමුත් ඩෙංගු සහ ඒඩිස් රෝග වල වර්ධනයක් දක්නට ලැබෙනවා. එම රෝග පාලනය කිරීම සදහා රජය විසින් විවිධ වැඩසටහන් දියත්කර තිබෙනවා.'
 
'සෞඛ්‍ය අමාත්‍යාංශය ඩෙංගු රෝගය කළමණාකරණය කිරීම සදහා වැඩසටහන් රැසක් දියත් කළා. තව ද කසළ කළමණාකරණය ද මෙහිදී ඉතා වැදගත්. එම නිසයි ඩෙංගු මදුරු වසංගතය කෙටි කාලයකින් සියයට 90 දක්වා අවම කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකි වුනේ. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. වසංගතය අඩු වුව ද ආරම්භ කර ඇති වැඩසටහන් නතර නොකළ යුතුයි. ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල ද ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙහිදී සංක්‍රමණිකයින් හේතුවෙන් ද ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවධානමක් මතුව තිබෙනවා. එය වැළැක්වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබන්ධ ආගමන විගමන පිළිබද ජාත්‍යන්තර සංවිධානයක් ශක්‍රීය දායකත්වයක් ලබාදෙනවා. මැලේරියා වසංගතය යළි ශ්‍රී ලංකාවේ පැතීරීම වැළැක්වීමට ද එය ඉතාම වැදගත්. එම නිසා අවධානයෙන් සිටිය යුතුයි.'
 
'සර්වෝදය සහ සණස ව්‍යාපාරය තුලින් පීඩිත ජනතාවට වරප්‍රසාද ලැබෙනවා. සමහර මිනිසුන් තුල ආසාවල් ඇති වුවද දැක්මක් නොමැතිවීම නිසා එම ආසාවල් සාර්ථක කරගැනීමට නොහැකි වී තිබෙනවා. නමුත් මාක්ස්වාදය ඉගෙනගත් අයට එවැනි දැක්මක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඇතැම් පිරිස් වැඩ කරන්න නොවෙයි ඉන්නේ. වැඩ කරන අය විවේචනය කිරිමටයි. එය ලංකාවේ ජනප්‍රිය මාතෘකාවක්. ඩෙංගු මදුරු වසංගතය සියයට 90 කින් අඩු වුව ද එය මාධ්‍ය තුලින් පළවෙන්නේ නැහැ. මදුරු වසංගතය වැඩිවන විටයි මාධ්‍ය මගින් පළ වෙන්නේ. කසල කළමණාකරණය කිරීම අතින් වත්මන් රජය විධිමත් වැඩපිළිවෙලක් දියත් කළා. පසුගිය රජය සමයේ දී මීකොටමුල්ල කුණූ කන්දට විරුද්ධ වූ ජනතාව ත්‍රිවිධ හමුදාව යොදවා මර්දනය කිරීමක් සිදු කළා. නමුත් අපේ රජය මීතොටමුල්ල කසල කන්ද කළමණාකරණයට විධිමත් වැඩපිළිවෙලක් දියත් කර තිබෙනවා. දැන් ජනතාව හොඳටත් නරකටත් විරෝධතා පවත්වනවා. පසුගිය රජය සමයේ එහෙම විරෝධතා පැවැත්වූවා නම් රතුපස්වල දී සිදු වූ සිද්ධිය මෙන් සිද්ධීන් සිදු වෙනවා. කසල වලින් විදුලිය නිෂ්පාදනය කිරිමට වත්මන් රජය පියවර ගෙන තිබෙනවා.'
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment