දරුවන් වෙනුවෙන් 'සුරක්ෂා' රක්ෂණාවරණය අදින් ඇරඹේ.


රුපියල් ලක්ෂ 2ක රක්ෂණාවරණයකින් රුපියල් ලක්ෂ 5කට අධික ප්‍රතිලාභ රැසක් පාසල් දරුවන්ට පිරිනැමෙන 'සුරක්ෂා' රක්ෂණාවරණය අද (01 ) සිට ක්‍රියාත්මක වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව පාසල් 11,242ක සිසුන් ලක්ෂ 45කට අද සිට දවසේ පැය 24 පුරා ආවරණය වන මෙම 'සුරක්ෂා' රක්ෂණාවරණය යටතේ සුවිශේෂ වරප්‍රසාද රැසක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා එක්ව කටයුතු යොදා ඇත.

මෙම රක්ෂාවරණය සහිත කාඩ්පත ඉදිරිපත් කර පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීමේදී රෝහල් ගාස්තුවලින් 20 %ක අඩු කිරීමක්ද, වෛද්‍ය උපදේශකවරයකු හෝ විශේෂඥ වෛද්‍යවරයකුගේ ගාස්තුවලින් 20 %ක අඩු කිරීමක්ද කෙරෙන පරිදි මෙම ප්‍රතිලාභ සැකසෙයි.

මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ඔප්පුව තුළ ඇතුළත්ව නොමැති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත විශේෂඥ වෛද්‍ය සංගම් හා පෞද්ගලික රෝහල් කවුන්සිලය විසින් ලබා දුන් ප්‍රතිලාභයකි. මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය හා විශේෂ ප්‍රසාද දීමනා යනුවෙන් අංශ 3ක් යටතේ ක්‍රියාත්මක අතර රෝහල්ගත වීමකදී එක් වරකට රුපියල් 100,000ක් දක්වා භාවිත කළ හැකිය.

රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමකදී දිනකට රුපියල් 1000 ක මුදලක් දින 30 ක් දක්වා ගෙවිම් සිදු කෙරෙයි. එසේම හඳුනාගත් රෝගවලට ආදාළ ඖෂධ, වෛද්‍ය ගාස්තු මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා වූ බාහිර ප්‍රතිකාර ආවරණය යටතේ රුපියල් 10,000ක ආවරණයක් හිමි වේ.

එසේම නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් ලියාපදිංචි ගාස්තු, වැට්බදු අය කිරීම් මීට ඇතුළත් නොවෙයි. නේවාසික ප්‍රතිකාර සඳහා එක් දිනකට රුපියල් 5000ක කාමර ගාස්තු ගෙවන අතර, වැඩි වන මුදල රක්ෂණාවරණයෙන් ආවරණය වන්නේ නැත. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment