පෘථිවිය දින 15 ක් අඳුරේ බවට පළවන අසත්‍ය ආරංචිය


පෘථිවිය දින 15 ක් අඳුරේ බවට පළවන 
අසත්‍ය ආරංචිය

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ආරංචියක් මගින් කියැවෙනුයේ මෙම වසරේ නොවැම්බර් 15 සිට 29 වන දා දක්වා දින 15  දිවා කාලයක් අහිමි කරමින් පෘථිවිය අඳුරේ පවතින බවකි. මේ සඳහා බ්‍රහස්පති හා සිකුරු අතර ඇති වන විද්‍යාත්මක සංසිද්ධියක් හේතුවන බවත් නාසා ආයතනය එය තහවුරු කර ඇති බවත් එම අසත්‍ය පුවත මගින් පතුරා ඇත.
නොවැම්බර් 15 දින පාන්දර 3.00 ට ආරම්භ වී නොවැම්බර් 30 දින සවස 4.45 තෙක්
ලෝකයටම බලපවත්වන පරිදි එය පැවතිය හැකි බවද ප්‍රචාරය කර ඇත.

මෙම සිද්ධිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව මේ වනවිට වාර්තා පළවේ. තාරකා විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මාධ්‍ය වෙත නිවේදනයක්ද මේ ගැන දක්වා කියා සිටින්නේ එබඳු සංසිද්ධියක් සිදුවන්නේ නැති බවත් එය නිර්මාණාත්මක ප්‍රබන්ධයක් බවත්ය.

මෙම සිදුවීම පිළිබඳ පුවත අන්තර්ජාලයේ වැරදි පුවත් ගැන අවධානයෙන් පසුවන ‘ස්නොප්ස්‘ මගින්ද අසත්‍ය එකක් ලෙස හඳුන්වා දී තිබෙන අතර එම පුවත විදෙස් රටවල් පවා කැළඹීමට පත් කරමින් මුල්වරට පළවූයේ 2015 දී Newswatch33  වෙබ් අඩවියේ බවත් පසුව 2016 හා 2017 වසර වලදීත් එම අසත්‍ය පුවත පැතිරී ඇති බවත් හඳුනාගෙන ඇත.එම වෙබ් අඩවිය මේ වනවිට අන්තර්ජාලයේද නැති අතර නාසා උපුටා දක්වමින් කළ සඳහනක් හා කළඹනසුලු ආරංචියක් නිසා හැමතැනම ශීඝ්‍රයෙන් හුවමාරුවන පුවතක් බවට පත්ව ඇති බවද හඳුනාගෙන ඇත.

එම අසත්‍ය පුවත ගැන සිදු කර තිබෙන පැහැදිලි කිරීම මෙතැනින්


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment