ධම්මික – මොහාන් සිංගර් මුල් පුටුවලට.
පසුගිය දා හේලීස් පීඑල්සී විසින් බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කරගනු ලැබූ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී නව අධ්‍යක්ෂ මණ්ඩලය අද (02) දින පත් කර තිබේ.
මේ අනුව සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී හි නව සභාපතිවරයා ලෙස මොහාන් පණ්ඩිතගේ මහතා පත්ව තිබෙන අතර සම සභාපතිවරයා ලෙසින් ධම්මික පෙරේරා මහතා පත්ව තිබේ.
මීට අමතරව එස්.සී. ගනේගොඩ, එම්.එච්. ජමල්ඩීන්, දුමිත් එච්. ප්‍රනාන්දු සහ ලලිත් යටිවැල්ල යන අය සෙසු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙසින් පත්ව ඇත.
හේලීස් පීඑල්සී හි 50.44% ක බහුතර කොටස් හිමිකාරීත්වය (සෘජුව හා වක්‍රව) ධම්මික පෙරේරා සතු වේ.
0 comments :
Post a Comment