ත්‍රී/මලේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක්

ත්‍රී/මලේ තෙල් ටැංකි සංවර්ධනය සඳහා ඒකාබද්ධ වැඩ පිළිවෙලක්
මෙම ඒකාබද්ධ වැඩපිළිවෙල යටතේ තෙල් ටැංකි ආශ්‍රිත මාර්ග පද්ධතිය, ඛනිජ තෙල් පද්ධතිය, වරාය සහ බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය කිරීමට නියමිතය.
 
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය. සාකච්ඡා සාර්ථක වුවහොත් ඒකාබද්ධ වැඩපිළිවෙල සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත වේ.
 
කෙසේ වෙතත් තෙල් ටැංකි ඉන්දියාවට පැවරීමට එරෙහිව ඛනිජ තෙල් සේවකයන් දැඩි විරෝධය පළකර ඇති අතර පසුගිය දිනවල වැඩවර්ජනයක් ද ක්‍රියාත්මක විය.
 
මේ වනවිට ද ත්‍රිකුණාමලය වරායේ පිහිටි තෙල් ටැංකිවලින් 15 ක් පමණ ලංකා IOC සමාගමේ කටයුතු සඳහා ලබා දී තිබේ. ඉතිරිව ඇති තෙල් ටැංකි 84 සඳහා මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment