අයිඑස් සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රතිකාර කරන්න ලාංකික වෛද්‍යවරු බඳවගෙනලු



අයිඑස් සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රතිකාර කරන්න 
ලාංකික වෛද්‍යවරු බඳවගෙනලු


අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක වෛද්‍යවරුන් යොදාගත් බව අයි.එස්. සංවිධානය ප්‍රචාරක වීඩියෝ පටයකින් හෙළි කර තිබේ.
සිරියාවේ සහ ඉරාකයේ යුද කටයුතු වලදී තුවාල ලබන හා ආබාධ වලට ලක්වන තම සාමාජිකයින්ට මෙම ප්‍රතිකාර ලබාදෙන බවත් ඉන්දියාව,ශ්‍රී ලංකාව  ඕස්ට්‍රේලියාව, ටියුනීසියාව ඇතුළු රටවල් කිහිපයක
අය වෛද්‍යවරුන් භෞත

චිකිත්සකයින් ලෙස එක්ව සිටින බවත් එම ප්‍රචාරක පටයේදී හෙළි කර තිබෙන අතර තම සංවිධානය එසේ එක්වන අය සඳහා විශාල ගෙවීම් කරන්නටත් ආරක්ෂාව සලසා දීමටත් පොරොන්දු වන නිසා තවත් අයට එක්වන්නට ඇරයුම් කරන බවත් එම වීඩියෝ පටයේ සඳහන් කර ඇත.

දකුණු ඉන්දීය කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු එම සාමාජිකයින්ට ප්‍රතිකාර කරන අයුරු
 (මුහුණ නොපෙන්වා) එම වීඩියෝ පටයේ උදාහරණ ලෙස පෙන්වා ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment