මහවාද්දූවේ පදිංචි ප්‍රගීත් චානක ගුණතිලක නම් සැකකරු අද (06) උදෑසන පොලීසියට බාර වීමෙන් අනතුරුව මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. මොහු හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන අතර දැනට වැඩ තහනමකට ලක් වී සිටී.
මොහුට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයෙහි දැනට නඩු 3ක් විභාග වෙමින් පවතින බව ද වාර්තා වේ.
පසුගිය සැප්තැම්බර් 26 වනදා ගල්කිස්ස ප්‍රදේශයේදී මියන්මාර් සරණාගතයින් රඳවා සිටි කුලී නිවස්නයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරත්න භික්ෂුව ඇතුළු 07 දෙනෙකු අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
0 comments :
Post a Comment