අධිවේගී විවාදයට කිරිඇල්ල බය වෙයි !

අධිවේගී විවාදයට කිරිඇල්ල බය වෙයි !

ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් මේ විවාදයට අවස්ථාව ලබාගෙන තිබේ. කෙසේ වෙතත් මේ විවාදය කල් දමා ගැනීමේ උත්සාහයක උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල නිරත වී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැතිවරයා සුළු පක්ෂ නායකයන් සමඟ සම්බන්ධ වෙමින් අදාළ විවාදය කල් දමා ගැනීමේ උත්සාහයක නිරත වන බවත්, ඒ සඳහා ඇමැතිවරයාගේ සමීපතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කරයි. අගමැතිවරයා විදේශ ගත වන නිසා මේ විවාදයේ දිනය වෙනස් කළ යුතු බව ඇමැතිවරයාට හිතවත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පවසා තිබේ. කෙසේ වෙතත් පක්ෂ නායක රැස්වීමකින් පසු මීට අදාළ දිනය තීරණය කිරීමට නියමිත ය. මේ සම්බන්ධයෙන් විමසීමට ඇමැතිවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔහු දුරකතනයට පිළිතුරු නොදීම නිසා ය.

කාශ්‍යප කොතලාවල - සත්හඬ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment