මහනුවර දෙවැනි හදවත් බද්ධය අසාර්ථකයි තරුණිය මියයයි


මහනුවර දෙවැනි හදවත් බද්ධය අසාර්ථකයි
තරුණිය මියයයි

පසුගිය දිනවල මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමුවූ මහනුවර මහ රෝහලේ දෙවන හදවත් බද්ධයට ලක්වූ සචිනි සෙව්වන්දි  (19) තරුණිය එම සැත්කම අසාර්ථක වීමෙන් පසු ඊයේ  (30දා)  දහවල් ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැත්කමෙන් දින තුනකට පසු
හෘද රෝග ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස  මියගොස් ඇත.
හෘද ක්‍රියාකාරීත්වය දුර්වල වීමේ රෝගයකින් පෙළුණු  සචිනි පසුගිය මාර්තු මස (27දා) සිට මහනුවර මහ රෝහලේ හෘද රෝග ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර පසුගිය  (27දා) අලුයම මොළය මියගිය තරුණයෙකු පරිත්‍යාග කළ හදවතක් ඇයට බද්ධ කර තිබුණි. සැත්කම සාර්ථක බව වෛද්‍යවරු තරුණියගේ පියාට මුලදී පවසා තිබුණි.

පෙනහලුවල රුධිර පීඩනය වැඩිවීමෙන් හෘදය අකර්මණ්‍යවීම මරණයට හේතුව ලෙස මරණ සහතිකයේ දක්වා තිබෙන බව සෙව්වන්දිගේ පියාවන මහේෂ් කුමාර මහතා පැවසීය.
මියගිය සෙව්වන්දිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන(04දා) පස්වරු 4.00 ට අලුත්ගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment