මොරසූරණ වරුසාවට
හසු වී තෙතබරිතව
පොඩිවූවා වැනිය
මහ නියගයකට මැදිව
තැවී දැවී
ගිය
ඔබ
යලි සකසන්නේ කෙලෙසද
මම
මද පවනට හැකිවේවිය
යලි නුඹ එක්තැන් කරන්න
පොද වැස්සකට හැකිය
යලි නුඹ
සනසාලන්නට
ළාහිරු මඩළට හැකිය
නැතිවුණු ජීවය පොවන්න
මල් පෙත්තක් තරමට
මුදු
ඔබ
තව මොහොතක්
ඉවසණු මැණ
අවිහින්සක
මගෙ
සිත් මල
0 comments :
Post a Comment