ආනන්ද සමරසේකර ගැන රහස් පොලීසිය අධිකරණට කරුණු දක්වයි

ආනන්ද සමරසේකර ගැන රහස් පොලීසිය අධිකරණට කරුණු දක්වයි
තජුඩීන් ඝාතන නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 03 දරන උසාවියේදී කැඳවා තිබිණි.
 
රහස් පොලිස් නිළධාරීන්ගේ කරුණු දැක්වීම් හමුවේ ලියොන් ට්‍රොට්ස්කි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ආනන්ද සමරසේකර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර ඇති නිසා ඔහු සැකකරුවෙක් කරන්නේද යන්න සම්බන්ධයෙන් හදිසියේ තීරණය කළ නොහැකි බවයි. ඒ අනුව ඉදිරි නඩු දිනයේදී ඒ පිළිබඳව තීන්දුවක් ලබා දෙන බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
 
වසීම් තජුඩීන්ගේ මරණ පරීක්ෂණය සිදුකිරීමේදී පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවට තහවුරු වී ඇති අතර ඒ සඳහා ආනන්ද සමරසේකර වෛද්‍යවරයාගේ මැදිහචත්වීම සම්බන්ධයෙන් අදාල මරණ පරීක්ෂණයට සම්බන්ධ වූ වෛද්‍යවරුන් රහස් පොලීසිය වෙත ප්‍රකාශ ලබා දී තිබේ. එම ප්‍රකාශ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ආනන්ද සමරසේකර මෙම සිදුවීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට රහස් පොලීසිය අනාවරණය කරගෙන ඇත‍.
 
මෙම ඝාතන සිදුවීම පිළිබඳව සිදුකරන පරීක්ෂණ පසුගිය කාලයේදී අඩාලව පැවතියද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ සහ අයි.පී. නිශාන්ත සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර පුංකුඩුතිව්හි සිවලෝගනාදන් විද්‍යා ඝාතන නඩුවේ පරීක්ෂණ කටයුතු සාර්ථකව සිදුකරනු ලැබූයේද මෙම නිළධාරීන් විසිනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment