මහින්ද මෑණියන් (ඥානක්කා) බලන්න යයි : රනිලුත් අනුරාධපුරේ සාකච්ඡාවක.


දේශපාලඥයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ජෝතිෂ්‍ය වැඩවලට යන බව කියන අනුරාධපුරයේ සාස්තකාරියක වන ඥානක්කා නැමැත්තිය මුණගැසීමට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (01) ගොස් ඇති බව වාර්තා වේ.

මහින්ද මහතා, ඊයේ (30) දිනයේ රාත්‍රියේ නාවාතැන්ගෙන ඇත්තේ බස් ව්‍යාපාරිකයකු වන ඩී.එස්. ගුණසේකර මහතාගේ නිවසේය.

ගුණසේකර මහතා මේවන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැඩියෙන්ම සහයෝගය ලබාදෙන්නකු සේ ප්‍රකටය.

ඔහු ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙකුටම කොළඹ නවාතැන් ගැනීමට නිවාස ලබාදී ඇති බවද වාර්තා වන අතර ඒ අනුව කලකට ඉහතදී කොළඹ සිටීමට හිටපු ඇමති මර්වින් සිල්වාට ඩී.එස්. දුන් නිවස දැන් පාවිච්චි කරන්නේ හිටපු ඇමති සී.බී. රත්නායක බවද වාර්තා වේ.

මහින්ද ඥානක්කා හමුව ඇත්තේ ඔහුගේ දේශපාලන දිවියට ඉදිරි කාලය සුභදායකද යන්න දැන ගැනීමට බවද පැවසේ.

රනිලුත් අනුරාධපුරේ !


මේ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය කබීර් හෂීම් හා මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන්ද ඊයේ (30) සිට ඇත්තේ අනුරාධපුරයේ ප්ලම් ගාර්ඩ්න් විලේජ් හෝටලයේ (Palm Garden Village Hotel) බවත් වාර්තා වේ.

අද ඔවුන් පොළොන්නරුවට යාමට නියමිත බවද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment