ගාලු කොටු පවුරට රකින අලුත් නීතියක් අද සිට.


යුනෙස්කෝ ලෝක උරුම කලාපයක් වන ගාලු කොටුව තුළට බර වාහන ඇතුළු කිරීම තහනම් කිරීමට පොලීසිය අද සිට (ඔක්තොම්බර් 01) පියවර ගෙන තිබේ. 

මේ අනුව උසින් මීටර් 3ට වැඩි සහ බරින් ටොන් 5ට වැඩි වාහන ගාලු කොටුවට ඇතුළු කිරීම අද සිට තහනම්ය. 

මේ සඳහා වන ගැසට් නිවේදනය 2009 වසරේ නිකුත් කර තිබුණත් එය මේ දක්වා ක්‍රියාත්මක කර නොතිබුණු බවද පොලිසිය පවසයි. 

කෞතුක සහ පෞරාණික වටිනාකමකින් යුතු ජාත්‍යන්තර සම්පතක් වන ගාලු කොටුව සුරැකීම වෙනුවෙන් විශේෂඥ උපදෙස් මත මෙම තීරණය අද සිට ක්‍රියාත්මක කිරීමට අද සිට පියවර ගෙන ඇත.

ගාලු කොටු පවුරට ඇතුළු වන ස්ථානයේ ඉහළ කොටසේ ලොරියක් ගැටීම නිසා ඉකුත් පෙබරවාරි මාසයේ කොටු පවුරට හානි සිදු වී තිබිණි. එමෙන්ම, මේ හරහා කොටු පවුර ඇතුළත වාහන තදබදය මෙන්ම පදිකයන්ට සිදුවන අපහසුතා සහ අනතුරුද වළකා ගැනීමද අපේක්ෂා කෙරේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment