යුද අපරාධ චෝදනා නිසා සරත් ෆොන්සේකාට තෙවැනි වරටත් ඇමරිකානු වීසා නොලැබ ගිය හැටි


යුද අපරාධ චෝදනා නිසා
සරත් ෆොන්සේකාට
තෙවැනි වරටත් ඇමරිකානු වීසා නොලැබ ගිය හැටි


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ දියණිවරුන් වාසය කරන්නේ ඇමරිකාවේය. පසුගියදා නිව්යොර්ක් නුවර එජා සංවිධාන සමුළුවට ජනපතිවරයා සමග ඔහු යන්නට සූදානම්ව සිටියේ දියණිවරුන්ද හමුවී ඒමේ අදහස ඇතිවය. නමුත් ඔහුට යාමට නොහැකිවූයේ වීසා නොලැබීමේ ගැටලුවකට මුහුණ දුන් නිසා බවට වාර්තා පළ විය.එයට හේතුවූයේ යුද අපරාධ සමබන්ධ
ගැටලුවකි.
මේ සම්බන්ධයෙන් සතිඅන්ත පුවත්පතක් කළ විමසීමේදී  සරත් ෆොන්සේකා මහතා ඒ ගැන පැහැදිලි කර ඇතිතේ මෙසේය.

ජනාධිපතිතුමාත් එක්ක ඔබත් නිව්යෝර්ක් යන්න හිටියේ?

ඔව්


නමුත් යන්න බැරිවුනා?
යන්න හිටපු සියලු දෙනාට විදේශ අමාත්‍යංශය හරහා වීසා ලැබුණා.මගේ වීසා ලැබීස ප්‍රමාද කළා.නොයෙක් නොයෙක් අමතර විස්තර මගෙන් අවශ්‍ය බවත් කව්වා.මට ඇමරිකාවේ ස්ථිර පදිංචිකරුවන්ට දෙන අවසර පත්‍රය ග්‍රීන් කාඩ් එකක් තියනවා.මගේ ග්‍රීන් කාඩ් එක අලුත් කරගන්න කිව්වා. ඒක අලුත් කරන්න මම අයදුම් කරලා දැන් අවුරුද්දකට වැඩියි.නමුත් කෙරිලා තිබුනෙ නෑ.මේ ගමනට යන අයට වෙනම වීසා දෙනවා. නමුත් ග්‍රීන් කාඩ් තියන අයට වෙනම වීසා දෙන්නෙ නෑ. එතකොට ඒ අය කිව්වා ග්‍රීන් කාඩ් එක සම්පූර්ණයෙන් භාර දෙන්න කියලා. මම ඒකත් කළා.
ඒ ඔක්කොම කළාට පස්සේ මට කිව්වා නිව්යොර්ක් වලින් වීසා අනුමත වෙලා ඇවිල්ල නෑ කියලා.ඒකන් වුණදේ තමයි මට ග්‍රීන් කාඩ් එකත් නැති වුණා.වීසා එකත්නැතිවුණා. එක්සත් ජාතීන්ගේ රැස්වීමට යන්න අවස්ථාවත් නැති වුනා.
මං කලිනුත් දෙපාරක් ඉල්ලල තිබුණා. මගේ බාල දුවගේ පශ්චාත් උපාධි ප්‍රදානෝත්සවයට යන්න.
ඒත් ලැබුනෙ නෑ. මට විරුද්ධව යුද අපරාධ චෝදනා තියන නිසා ඒවා සමථයකට පත්වෙනකම් මේක නොලැබෙන තමයි දැනගන්න ලැබුනේ.

යුද අපරාධ චෝදනා තියෙන්නෙ හමුදාවටද ඔබටද?
හමුදාපති හැටියට තමයි මට ඒ චෝදනාව එල්ල වෙලා තියෙන්නෙ. හමුදාවෙ යම් යම් අය කරපු වැරදි නිසා එල්ල වෙලාතියන චෝදනා නිසා හමුදාපති හැටියට මට වගකීමක් තියනවා කියල තමයි කියන්නේ.

(සාකච්ඡාව - ප්‍රසන්න සංජීව තෙන්නකෝන් - ලංකාදීප)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment