මාළඹේ වෛද්‍ය විද්‍යාලය : අවබෝධතා ගිවිසුමක්.


මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබේ.

මාළඹේ සයිටම් පෞද්ගලික ආයතනය සම්භන්ධයෙන් අදහස් පලකිරීමට ඊයේ  මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය හා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එක්ව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, මෙහිදී මාළඹේ වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදය පවසා සිටියේ තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සාධාරණයක් ඉටුකරගැනීම සදහා රජයේ සරසවි සිසුන් ගෙනයන සටනට තමන්ද සහය දෙන බවයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කිරීමට පෙර දෙපාර්ශවයේම දරුවන්ට සාධාරණයක් ඉෂ්ටකරගැනීම සදහා වන අවබෝධතා ගිවිසුමක් සදහා අත්සන් තැබිය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment