අය-වැය කතාවේ රහස්‍යභාවය එදා වගේම අදත් ප්‍රශ්නයක්!

අය-වැය කතාවේ රහස්‍යභාවය එදා වගේම අදත් ප්‍රශ්නයක්!

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාදීමට තමන්ට නොහැකි බව ද ඔහු පැවසීය. අය-වැය කතාවේ රහසිගතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා එය මුද්‍රණය කරන ලද්දේ රජයේ මුද්‍රණාලයේ රහස් මුද්‍රණ අංශයේ ය. එම පරිශ්‍රයේ විභාග ප්‍රශ්න පත්‍ර, මැතිවරණ ලිය-කියවිලි ඇතුළු රහසිගත පත්‍රිකා මුද්‍රණය කරන නිසා එහි දැඩි ආරක්ෂාවක් ද ඇත.

එහෙත් පසුගිය ආණ්ඩුව මගින් ගන්නා ලද තීරණයකට අනුව අය-වැය කතාව මුද්‍රණය කිරීම මේ අංශයෙන් ඉවත් කොට මෙට්‍රොපොලිටන් සමාගමට භාර දී තිබිණි. එම සමාගම අය-වැය කතාවට පෙර දිනයේ දී කුඩා මුද්‍රණ යන්ත්‍ර රැගෙන ගොස් මේ කතාව මුද්‍රණය කිරීම සිදු කර ඇත. පසුගිය ආණ්ඩුව කාලයේ මෙන්ම හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේ කාලයේ ද අය-වැය කතාව මුද්‍රණය කර ඇත්තේ මේ ආකාරයට ය. මෙහි රහසිගතභාවය සම්බන්ධයෙන් මෙන්ම වියදම සම්බන්ධයෙන් ද බරපතල ගැටලුවක් ඇති බව අනාවරණය වේ. එනම් රාජ්‍ය මුද්‍රණාලයෙන් මුද්‍රණය කරනවාට වඩා දස ගුණයකට අධික වියදමක් අදාළ පෞද්ගලික සමාගමෙන් මුද්‍රණය කරන්නට වැය වේ.

මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු වාර්තා වීමෙන්  පසු අදාළ ලේඛනයේ රහසිගතභාවය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙසත්, අධික වියදමක් ගෙවා පෞද්ගලික අංශයෙන් අය-වැය කතාව මුද්‍රණය කරගන්නවාට වඩා එය රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කර ගැනීමට නොහැකිද යන්න සම්බන්ධයෙන් කඩිනමින් තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා ඉදිරි දින දෙක තුළදී මුදල් අමාත්‍යංශයට නියෝග කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ශාලික විමලසේන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment