පාසල් දරුවන් සදහා සුරක්ෂා සිසු රක්ෂණාවරණය ආරම්භ වේ


පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබාදීමේ වැඩසටහන ඊයේ(02) ආරම්භ වුණි.
ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,අධ්‍යාපන ඇමති අකිල විරාජ් ඇතුළු
මැතිඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේදී එම උත්සවය පැවැත් වුණි.
එහිදී සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ වෙත සහ පාසල් දරු දැරියන් කිහිප දෙනෙකුට සෞඛ්‍ය රක්ෂණාවරණය පිරිනමා තිබේ‍ෙ

වයස අවුරුදු 05ත් 19ත් අතර ලක්ෂ 45කට ආසන්න සිසු දරුවන් වෙත ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුරක්ෂා රක්ෂණාවරණය ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය
රක්ෂණය සඳහා වන සියලු ගෙවීම් රජය මඟින් සිදු කරන අතර මේ වසර සඳහා ඒ වෙනුවෙන් රුපියල් බිලියන 2.7ක මුදලක් වෙන් කර තිබේ.
ඒ යටතේ නේවාසික රෝගීන්ට සහ වෛද්‍ය සේවා සැපයීම්වලට අදාළව වාර්ෂිකව රුපියල් ලක්ෂ 02ක උපරිමයකට යටත්ව ගෙවීම් සිදු කිරීමට නියමිතය.
රජයේ රෝහල් මෙන්ම  සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි වී ඇති පුද්ගලික රෝහල්, ආයුර්වේද රෝහල්වල ප්‍රතිකාර සඳහා ගෙවීම් සිදු කරයි.







Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment