අත්තනගල්ල චන්ද්‍රිකාට - මහින්දානන්ද හා වෙල්ගමත් ඉවතට.


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස පත් කර තිබේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ආසන සංවිධායක ධුරයෙන්ද, කුමාර වෙල්ගම මහතා මතුගම ආසන සංවිධායක ධුරයෙන්ද ඉවත්කර තිබේ.

මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර මහත්මිය සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච් ඒ රණසිංහ මහතා පත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම් සිදුකර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment