මධ්‍යම අධිවේගයට එරෙහි වන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග - මාර්ග සංවර්ධන අධිකාරිය

මධ්‍යම අධිවේගයට එරෙහි වන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග - මාර්ග සංවර්ධන අධිකාරිය


ජනතාවගේ ඉල්ලීම පරිදි මතුව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සාකච්ජා කිරීමට කුරුණෑගල ප්‍රදේශයේ පැවති රැස්වීම වලට සහභාගී වීමේදී අවබෝධ වූයේ සංවර්ධන ක්‍රියාවලියට විරුද්ධ සීමිත හා සංවිධානාත්මක පිරිසක් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් අඩාල කිරීමට මැදිහත්ව සිටින බව යැයි සූරියආරච්චි මහතා සඳහන් කරයි. රජය විසින් ලබා දී ඇති වන්දි මුදල් පවා ලබා ගත අය එම විරෝධතාවන්ට සහය දක්වමින් සිටින බව ඔහු පෙන්වා දෙයි.

මාර්ගයේ ඉදිකිරීම් කඩාකප්පල් කිරීමේ අරමුණින් එම පිරිස දිගින් දිගටම බාධා එල්ල කරන හෙයින් පසුගිය 27 වැනි දින මාර්ග සංවර්ධන අධිකාරිය කුරුණෑගල පොලිසියට පැමිණිලි කළ බවයි සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ. එම පැමිණිල්ලට අදාලව අධිකරණ නියෝගයක් ලැබී ඇති අතර ඉදිරියේදී බාධා පමුණුවන්නන් හට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හෙතෙම අවධාරණය කරයි.

මධ්‍යම අධිවේගී මාර්ගයට අදාළව මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රමුඛතාවක් හිමි වන මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිවන කොටසට බාධා නොකරන්නැයි නිහාල් සූරියආරච්චි මහතා ඉල්ලා සිටියි. රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන කටයුත්තක් වන මෙම අධිවේගී මාර්ගය ඉදිකිරීමෙන් ප්‍රදේශයේ ජන ජීවිතයට ඉමහත් වාසි සිදුවන බව හෙතෙම පවසයි.මෙරට අධිවේගී මාර්ග පද්ධතිය පිළිබඳව අධ්‍යයනය කරන විට එය තහවුරු වන බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ප්‍රදේශවාසින් අවධාරණය කරන්නේ ස්වභාවික විපත් සහිත අවධානම් ප්‍රදේශ හරහා මාර්ගය කණු මත ඉදිකරන බව පැවසුවද එය ඉවතලමින් පස් ගොඩකරමින් මාර්ගය ඉදිකිරීමට උත්සහ දරන බවයි. එමඟින් ජලය බැස යාමට ඇති මාර්ගය අවහිර වන අතර ජනතාවට සිදුවන්නේ ගිලී මියැදීමට බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment