අනුරාධපුර උපවාසයට සහය පළ කරමින් වැලිකඩත් උපවාසයක් !

අනුරාධපුර උපවාසයට සහය පළ කරමින් වැලිකඩත් උපවාසයක් !

 

මදිඅරසන් සුලක්ෂන්, ගනේශන් දර්ශන් සහ ආර්. තිරුවරුල් යන අනුරාධපුර බන්ධනාගාර රැඳවියන් සිය උපවාසය ආරම්භ කළේ සැප්තැම්බර් 26 වනදා ය. ඔවුන්ට එරෙහිව පවතින නඩුව වසර 4කට පසුව වව්නියාව මහාධිකරණය විසින් විභාගයට ගැනීමට තීරණය කළ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අත්තනෝමතික ලෙස එම නඩුව වව්නියාව අධිකරණයෙන් ඉවත් කර අනුරාධපුර මහාධිකරණයට යොමු කිරීමට විරෝධය පාමින් ඔවුහු මෙසේ උපවාසයේ නිරත වී සිටිති. නඩුව විභාගයට ගැනීම වසර හතරක් පුරා පමා වී ඇත්තේ ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා පත්‍ර සංශෝධනය කිරීම සඳහායැයි කියමින් කාලය ගත කිරීම නිසාය. 

මොවුන් අතරින් ගනේශන් දර්ශන් සහ ආර්. තිරුවරුල් යන රැඳවියන් දෙදෙනා අයහපත් සෞඛ්‍ය තත්වය හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment