ASPගෙන් පහර කෑ තරුණයා මාතර රෝහලට

ASPගෙන් පහර කෑ තරුණයා මාතර රෝහලට

 

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරී තුශාර දළුවත්ත විසින් කළ පහරදීමෙන් මෙම තරුණයාගේ කණෙහි අභ්‍යන්තර ලේ වහනයක් සිදුව ඇති බව පැවසේ. 

විරෝධතාවයෙන් පසුව අත් අඩංගුවට පත් පිරිස සමඟම මෙම තුවාලලත් තරුණයාද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි. පසුව ඔහුව තංගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර අද දහවල් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට මාරු කර යවා තිබේ. 

මෙම පහර දීම සම්බන්ධයෙන් නොයෙක් විමර්ශන සිදු කෙරෙන බව කීව ද පහර දුන් සහකාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව ද වාර්තා වේ. 
ඡායාරූප - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි, හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment