දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක් !

දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලා අත්සන් ලක්ෂයක් !



යාපනය සරසවියෙන් අදාල අත්සන් ලබා ගැනීම ආරම්භ වූ අතර අද (24) සිට ඉදිරි දින කිහිපයේදී උතුරු පලාතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සාමාන්‍ය ජනතාවගෙන් මෙම ලියැවිල්ල සඳහා අත්සන් ලබා ගැනීම සිදු කෙරේ.

දැනට අනුරාධපුර බන්ධනාගාරයේ උපවාසයේ නිරතව ඇති දේශපාලන සිරකරුවන් තිදෙනාගේ නඩු කටයුතු වව්නියාව අධිකරණයට මාරු කළ යුතු බවටත් නඩු නොමැතිව සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවටත් මෙම ලියැවිල්ලේ සඳහන් වේ.

අදාල කරුණු මුල් කරගෙන පසුගිය 20 වනදා සිට 25 වනදා දක්වා යාපනය විශ්වවිද්‍යාල සියලුම සිසු සිසුවියන් පංති වර්ජනයක්ද ක්‍රියාත්මක කොට ඇත.

uni1

uni3

uni4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment