ජනපති නිල නිවසේ ආරක්‍ෂක ලොක්කාගේ කන සපා කෑ දෙදෙනා රිමාන්ඩි


කොළඹ, මලලසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවෙසේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. ජයසුන්දර මහතාට පහරදී කන සපා කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකෙරෙන එම අංශයට
අනුයුක්ත පොලිස්

කොස්තාපල්වරයකු සහ නාවික හමුදා සෙබළකු රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සමීර දිල්හාර මුදන්නායක සහ ආසිරි නුවන් සෙනෙවිරත්න යන සැකකරුවෝ දෙදෙනා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට භාර වූහ.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩර මහතා ඊයේ (23දා) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මඟින් දක්වා ඇත්තේ පසුගිය 07 වැනිදා රාත්‍රි 10.00ට පමණ ජනාධිපති නිල නිවෙස ආසන්නයේ පිහිටි ආරක්ෂක නිවාස දෙසින් අධික ශබ්දයකින් යුතුව ගීත ගායනා කිරීමේ හඬ ඇසී ඇති බවයි. එම ස්ථානයට ගිය ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසුන්දර මහතා ශබ්දය අඩු කරන ලෙස දැනුම් දී ඇතැයි පවසන පොලිසිය එම අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා ඇතුළු 20 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පැමිණිලිකරුට පහරදී ඇතැයිද අධිකරණයට වාර්තා කර තිබේ.

මෙම පහර දීමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය විසින් අධිකරණයට දන්වා ඇත.



කේ.එස්. උදය කුමාර්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment