කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක

කැටලැන් ජනමත විචාරණය නිසා බාසිලෝනා පාපන්දු පිල අර්බුදයක

බොහෝ විට මේ අනුව ඔවුන් ‘ලා ලිගා’ යනුවෙන් හඳුන්වන ස්පාඤ්ඤ පාපන්දු ලීගය හෙවත් ස්පාඤ්ඤයේ වෘත්තීය පාපන්දු සම්මේලනයෙන් ඉවත් කිරීමට ඉඩ තිබේ. 

කැටලෝනියානු ජනපදයේ අගනුවර බාසිලෝනා වශයෙන් සැලකෙන අතර, බාසිලෝනා පාපන්දු පිල කේන්ද්‍රගත වී තිබෙන්නේ ද එහි ය. තවද එය ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට කේන්ද්‍රගත වී ක්‍රියාත්මක වන ලා ලිගා හි සාමාජික පාපන්දු සමාජ 20 න් එකකි. බලධාරීන්  පවසා තිබෙන්නේ වෙනම රාජ්‍යයක් වශයෙන් වෙන් වී යා නම් බාසිලෝනා පිල, ලා ලිගා වෙතින් ද ඉවත් ව යා යුතු බවයි. ස්පාඤ්ඤ ක්‍රීඩා ඇමති ජෙරාඩ් ෆිගරස් ද කියා තිබෙන්නේ එය එසේ වුවහොත් බාසිලෝනා පිල වෙනත් රටකට අයත් පාපන්දු සමාජයක් සේ සැලකීමට තමන් ක්‍රියා කරන බවයි.

ජනමත විචාරණයෙන් පසුදා ගෘහස්ථ පාපන්දු තරගයකට සහභාගි වූ සුපිරි බාසිලෝනා ක්‍රීඩක ලියොනාල් මෙසීගේ ප්‍රධානත්වයෙන් යුතු බාසිලෝනා පිල 3-0ක් වශයෙන් ලස් පැල්මාස් පිල පරාජයට ලක් කළත් මැඩ්රිඩ් නුවර පැවති මෙම තරගයේ පුහුණුවීම් අතරතුර ක්‍රීඩකයන්ට හූ හඬට ලක්වීමට සිදුවිය.

ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩකයෙකු වන ලියොනාල් මෙසී බාසිලෝනා පිලට ක්‍රීඩා කරමින් සිටින්නේ යූරෝ මිලියන 40ක වැටුපකට ය.

 කැටලෝනියානුවන්ගෙන් 90%ක් ස්පාඤ්ඤ මධ්‍යම රජයෙන් වෙන් වී යා යුතු බව පැවසූ කැටලෝනියානු ජනමත විචාරණය දැඩි පොලිස් මර්දනයකට ලක්විය. අලුත්ම වාර්තාවලට අනුව 840 දෙනෙකුට වඩා මෙම පොලිස් ප්‍රහාරවලදී තුවාළ ලැබූහ. 

 - අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment