ශ්‍රී ලංකා - පකිස්තාන් එක්දින තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා - පකිස්තාන් එක්දින තරගාවලිය අද ඇරඹෙයි
අද තරගයේදී උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර සෆ්රාස් අහමඩ් පකිස්තානු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
 
ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගෙන ජයග්‍රාහී මානසිකත්වයකින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට මුහුණ දෙන අතර කෙසේ වෙතත් අවසන් වරට දෙරට මුහුණ දුන් තරගයේදී ජයග්‍රහණය වාර්තා කිරීමට පකිස්තානුවන් සමත් වී තිබේ. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දෙරට මුහුණ දුන් එක්දින තරගවලදී තරග 28 ක් පකිස්තානය ජයගෙන තිබේ. ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 16 ක් පමණි.
 
ආබාධ හේතුවෙන් මැතිව්ස්, මාලිංග හා කුලසේකර මෙම තරගාවලියට සහභාගි නොවන අතර අත්දැකීම් බහුල පන්දු යවන්නෙකුට සිටින්නේ සුරංග ලක්මාල් පමණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment