නොපිපෙන පොහොට්ටුවට ශ්‍රීලනිපය දෙකඩ කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ෆයිසර් මුස්තාෆා

නොපිපෙන පොහොට්ටුවට ශ්‍රීලනිපය දෙකඩ කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ෆයිසර් මුස්තාෆා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් පුද්ගලයකුගේ බූදලයක් නොවන අතර, පක්ෂය ආරක්ෂා වුවහොත්  සියල්ලන්ම ආරක්ෂාවන බැවින් සිය ප්‍රාණය මෙන් පක්ෂය අරක්ෂා කිරීම සියලුම පාක්ෂිකයන්ගේ වගකීම වන හෙතෙම පැවසීය. එක්සත් ජාතික පක්ෂය සහ නිදහස් පක්ෂය එක්ව යන මේ දීගය ජනතාව විසින් බලහත්කාරයෙන් කරන ලද්දක් බැවින් කුමන ගැටළු තිබුණත් 2020 දක්වා එය දික්කසාදයකින් තොරව පවත්වාගෙන යව බවත් කෙසේ නමුත් 2020න් පසුව නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සැමගේ ඒකායන අරමුණ බවත්  අමාත්‍යවරයා අවධාරණය කළේය.
 
"මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකඩ කරන්න හදපු කිසි කෙනෙක් ඉතිහාසය පුරාවට සාර්ථක වුණේ නැහැ. වෙන්නෙත් නෑ. ඔය පොහොට්ටු පක්ෂයටත් ඒ ටික ම තමයි. පංච මහා බලවේගයෙන් ගොඩ නැඟුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන මහා වෘක්ෂය විනාශ කරන්න නොපිපෙන පොහොට්ටුවලට බැහැ. අනික ඔය පොහොට්ටුවේ හැම කෙනෙක්ම ශ්‍රිලනිප මාතාවගේ දරුවෝ. අම්මට ද්‍රෝහීවීමේ පාපය සිදුකරගන්න එපා කියල මම බොහෝම ඕනෑකමින් ඒ අයට කියා සිටිනවා. ඒවගේම මම තවත් දෙයක් කියන්න කැමතියි. සමහර පුද්ගලයින් ආගමික කරුණු මුල්කරගෙන දේශපාලන වාසි ගන්න හදනවා.
 
ආගම, ධර්මය කියන්නේ පුද්ගලික දෙයක්. ඒක දේශපාලන වේදිකාවේ පුද්ගලික වාසිතකා අලෙවි කිරීම නුසුදුසුයි. තමන්ගේ ආගම, ජාතික විකුණා යම් අයෙකු දේශපාලනයෙන් පෝෂණයවන වීමට උත්සාහ කිරීම තරම් මෝඩ ක්‍රියාවක් තවත් නැහැ. පන්සල්, පල්ලි වැනි ආගමික මධ්‍යස්ථාන අලුතින් ඉදිකරන විට විරුද්ධවන ඇතැම් පිරිස් තැබෑරුම් විවෘත කරන විට මුනිවත රකිනවා. ලෝකයේ ඕනෑම ජාතියකට අයත් මිනිසුන්ට ජාතිවාදී අදහස්වලට නම්‍යශීලී කරගත හැකියි. නමුත් කළගුණ සලකන ජනකොටසක් වන සිංහල බෞද්ධ ජනතාවට ජාතිවාදය පොවලා දේශපාලනය කරන්න  බැහැ. සිංහල ජනතාවගේ තරම් මෛත්‍රිය, කරුණාව පිරි ජනතාවක් නැහැ. බුදු දහම යනු ජීවන රටාවක් වන අතර එය බෞද්ධයන්ට පමණක් සීමා වූ දෙයක් නොවෙයි. 
 
ඒ අනුව  නිදහස් පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කළහොත්  එහි වාසිය මැතිවරණයකදී  එක්සත් ජාතික පක්ෂයට හිමි වන හෙයින් එය කිසිලෙසකින්වත් ඉටුවීමට ඉඩ නොදෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ
 
fizer mustapa 1
fizer mustapa 2
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment