එපා කියන්න කලින් ව්‍යවස්ථාව පෙන්නලා ඉන්න - අගමැති

එපා කියන්න කලින් ව්‍යවස්ථාව පෙන්නලා ඉන්න - අගමැති
"ව්‍යවස්ථාව රටට ඉදිරිපත් කළ පසු එහි කරුණු සලකා බලා ඒවා දෝෂසහගත නම් පමණක් අපට චෝදනා කරන්න. එසේ නොමැතිව ව්‍යවස්ථාවක් නිර්මාණය කර හෝ නොමැති අවස්ථාවක අසත්‍ය චෝදනා මාධ්‍යවල පළ කිරීම වැරදියි. ඇතැමුන් මේ ව්‍යවස්ථාවට පක්ෂව අදහස් දක්වනවා. ඇතැමුන් විපක්ෂව අදහස් දක්වනවා. එය සාමාන්‍ය සිදුවීමක්. මාධ්‍ය මඟින් මේ සියලු දේට සමානව ඉඩ ලබා දිය යුතුයි. අසත්‍ය ප්‍රවෘත්ති හරහා රටේ අස්ථාවරභාවයක් ඇති කළ විට එය රටේ ආර්ථිකයට බලපෑමක් වනවා. එවිට සහන දෙන්න වෙන්නේ නැහැ. ජනතාවට අවශ්‍ය වෙන්නේ දියුණු සැප පහසු ජිවිතයක් ගත කිරීමට. නමුත් ඇතැමුන් උත්සහ කරන්නේ සංවර්ධන වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට."
 
රට වෙනුවෙන් ඉඩදෙනවාද යන්න ජනතාවගෙන් ප්‍රශ්න කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
 
ආශිකා බ්‍රාහ්මණ  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment