එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් ෆින්ලන්තට.


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ෆින්ලන්ත නිල සංචාරයට එක්වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් කණ්ඩායමක් අද (07) රාත්‍රියේ පිටත්ව යනවා.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච්. සමරතුංග, අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ද එම පිරිසට අයත්.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, පෞද්ගලික සංචාරයක් සඳහා ඉකුත් 05 වනදා ජර්මනිය බලා පිටත්ව ගියා.

එම සංචාරය අවසන් කර ඔහු අනිද්දා (09) ෆින්ලන්තය බලා පිටත්ව යන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ෆින්ලන්තය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කිරීමේ අරමුණින් එම සංචාරය සිදු කෙරෙනවා.

එහිදී අග්‍රාමාත්‍යවරයා හා ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා අතර ද්වීපාර්ශවික සාකච්ඡා ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment