"තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !" Update

 

අදාල අපරාධ කල්ලිය විසින් තායිවාන බැංකුවේ පරිඝනක පද්ධතිය හැක් කර වෙනත් රට වලට මුදල් යවා ඇති බවට නිවේදනය ලැබීමෙන් අනතුරුව ක්ෂණිකව ම පියවර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ඒ අනුව මේ වන එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට ද ශ්‍රී ලංකා පොලිසිය සමත් වී තිබේ. 

වංචා කර ඇති මුළු මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 600ක් තරම් වෙද්දී ඉන් ශ්‍රී ලංකාවට එවා ඇත්තේ රුපියල් මිලියන 200ක මුදලකි. තොරතුරු ලද සැණින් එම බැංකු ගිණුම් අත් හිටුවා, මුදල් ලබා ගැනීමට පුද්ගලයින් පැමිණෙන තෙක් සෝදිසියෙන් සිට ඇති අතර එහිදී එක් තරුණයකු රුපියල් මිලියන 40ක මුදලක් සමඟ අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. මෙම තරුණයා විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල්වරයකුගේ පුතෙකු බව ද සඳහන් ය. 

මෙවන් විශාල මුදලක් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය වීමේදී එය අධීක්ෂණය කළ යුතු වන්නේ ශ්‍රී ලංකා මහබැංකුව විසිනි. එහෙත් මෙහිදී මහබැංකුව විසින් එම ක්‍රියා පටිපාටිය මගහැර ඇති බව පෙනේ. මෙය පැහැදිලිව ම ශ්‍රී ලංකා මහබැංකුවේ සිටිනා දූෂිතයින් පිරිසක් විසින් බැංකු මංකොල්ලකරුවන්ට සහය දැක්වීමක් බව පැවසිය හැකිය. 

පිටරටකින් විශාල මුදලක් ලංකාවට පැමිණෙන විට ගනුදෙනු කරුවා හඳුනාගැනීම සහ මුදල් මූලාශ්‍රය හඳුනාගැනීම යන පියවර දෙකම ශ්‍රී ලංකා මහබැංකුව විසින් අනුගමනය කළ යුතුය. එහෙත් මෙහිදී ඒ කිසිවක් පිළිබඳව විමර්ශනය නොකර අදාල මුදල් අදාල ගිණුම් වලට යවා තිබේ. මෙය මහබැංකුවේ සිටින අපරාධ සහායකයින්ගේ වැඩකි. 

මහබැංකුවේ පිරිස් මෙවැනි අපරාධකරුවන්ට සහාය දැක්වීම් කළේ අද ඊයේ පටන් නොවේ. මීට පෙර මුදල් තැන්පත් ලබාගෙන ගනුදෙනුකරුවන්ට වංචා කළ CIFL ආයතනය පිළිබඳ මහජන පැමිණිලි ලැබෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශන කිරීමට මහබැංකුවෙන් නියෝගයක් ඉල්ලා තිබිණි. එහෙත් මහබැංකුව එම නියෝගය ලබා දුන්නේ මාස තුනකට පසුය. ඒ වන විට CIFL හිමිකරු වන දීප්ති පෙරේරා රටින් පළාගොස් තිබිණි. අද වන විට එකී දීප්ති පෙරේරා සිටින්නේ බන්ධනාගාරය ඇතුළේය. එහෙත් එදා දීප්ති පෙරේරාට උපකාර නිලධාරීන් අදටත් සිටින්නේ මහබැංකුව ඇතුළේය. 

එහෙයින් මෙම ජාත්‍යන්තර මූල්‍ය අපරාධයට සහාය දැක්වූ ශ්‍රී ලංකා මහබැංකුවේ නිලධාරීන් පිළිබඳව ද විමර්ශනයක් කර ඔවුන්ව අත් අඩංගුවට ගත යුතුය. මෙහිදී සැලකිය යුතු තවත් කරුණක් වන්නේ මේ මුදල් එවා ඇත්තේ ද සාමාන්‍ය පුද්ගලයින්ට නොව ඉහළම තරාතිරමේ පුද්ගලයින්ට වීමය.

සබැඳි පුවත් - 

තායිවාන් හැකරුන් වාණිජ බැංකුවක් හැක්කර ලංකාවට සල්ලි එවලා !

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment