බිල් ගේට්ස් හා ඇමැති රාජිත අතර හමුවක්.


මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල් ගේට්ස් මහතා සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහාය.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගීවීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment