එජාප ඡන්ද සටන රවීට භාර දෙයි.


පළාත් පාලන මැතිවරණයට අදාළ එක්සත් ජාතික පක්ෂ ඡන්ද සටන මෙහෙයවීම හිටපු ඇමැති රවී කරුණානායකට භාර දී තිබේ. එජාප විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් පාලන මැතිවරණයේ ගම් මට්ටමේ සංවිධාන කටයුතුවල වගකීම ඒ අනුව හිටපු ඇමැතිවරයා දරනු ඇති බව ය.

මේ සඳහා මිලියන දෙදහසකට අධික මුදලක් වැය කිරීමට අපේක්ෂිත බවත්, එම මුදල් ආසන මට්ටමින් බෙදා හැරීම, ආසන සංවිධායකවරුන් සමඟ ප්‍රචාරක කටයුතු සැලසුම් කිරීම ඇතුළු සිය ̈ කටයුතු හිටපු ඇමැතිවරයාට පැවරෙනු ඇති බවත් අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මේ මැතිවරණ සංවිධාන කටයුතු හිටපු ඇමැතිවරයාට භාරදීම සම්බන්ධයෙන් මීට පෙර යම් මතභේදාත්මක තත්ත්වයක් තිබුණද, මේ වනවිට එය වෙනස් වී ඇතැයිද අදාළ ආරංචි මාර්ග පවසා සිටී.

කෙසේ වෙතත් පසුගිය සතියේ මාධ්‍යයට අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා පවසා තිබුණේ තමන් සහ තමන්ගේ පියාණන් ඇතුළු පවුලේ කිසිවකු හොරකම් කර නැති බවකි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment