අතුරුදන් වූ මාධ්‍යවේදිනියගේ ගෙළ කපා දැමූ නිරුවත් සිරුර හමුවෙයි. - update

අතුරුදන් වූ මාධ්‍යවේදිනියගේ ගෙළ කපා දැමූ නිරුවත් සිරුර හමුවෙයි. - update

තවද ඇගේ සිරුරේ අතුරුදන් වූ කොටස්, පිහියක් සහ වෙනත් බර ලෝහ ආයුධ ද සමග ප්ලාස්ටික් බෑගයක තිබී හමුවී ඇත. සිරුර පුරා පිහි ඇනුම් 15කට අධික සංඛ්‍යාවක් ද නිරීක්ෂණය කළ හැකි විය.  

කිම් වෝල් මාධ්‍යවේදිනිය පසුගිය අගෝස්තු මසදී හදිසියේම අතුරුදන් වූයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු පිළිබඳ ලිපියක් සැකසීමට ගිය අවස්ථාවේදී ය. පීටර් මැඩිසන් නමැති මේ පුද්ගලයා පසුව අත්අඩංගුවට ගත් අතර ඔහු පවසා තිබුණේ තමන් විසින් එම මාධ්‍යවේදිනිය, තම සබ්මැරීනය පිළිබඳ ලිපියට අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා සබ්මැරිනය වෙත රැගෙන ගිය බව සහ, පසුව සබ්මැරීනය අනතුරට පත්වූ බවයි.

නමුත් මේ කතාව ගෙතූ එකක් බව සහ, යම්කිසි හේතුවක් නිසා ‘නෝටිලස්’ නමැති මෙම අඩි 60 ක් දිගැති පුද්ගලික සබ්මැරීනය, එහි හිමිකරු වන පීටර් මැඩිසන් විසින් හිතාමතාම සයුරේ ගිල්ලවූ බව පොලිසියේ නිගමනයයි.

තමන් විසින් කිම් වෝල්ව කෝපන්හේගන් අසලින් නිරුපද්‍රිතව ගොඩබිමට ඇරලවූ බව ද මීට පෙර පීටර් මැඩිසන් කියා තිබිණි.

මේ වනවිට ඔහු රැඳවුම් භාරයේ පසුවන අතර, ඔහුට විරුද්ධව මිනීමැරුම් නඩු පැවරීමට නියමිත ය.

කිම් වෝල්ගේ සිරුර හඳුනාගැනීම සඳහා ඩෙන්මාක් පොලිසිය විසින් ඩීඑන්ඒ පරීක්ෂණය යොදාගන්නා ලදී.

තිස් හැවිරිදි කිම් වෝල් චීනය, උගන්ඩාව සහ හයිටි වැනි රටවල්වල පවා සංචාරය කරමින් මාධ්‍යවේදයේ නියැළුණු නිදහස් මාධ්‍යවේදිනියකි. ඇය ස්ත්‍රීවාදය, වූඩූ යනාදී විශාල පරාසයක දිවෙන මාතෘකා ආවරණය කළ හැකි ලේඛිකාවක් වශයෙන් ක්ෂේත්‍රයේ ගෞරවනීය නමක් දිනාගෙන තිබිණි.

 
- අමාලි ජයවීර

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment