මීරිගම රූපලාවන්‍යාගාරයක් තුළ 21 හැවිරිදි තරුණියක මියගිහින්


මීරිගම රූපලාවන්‍යාගාරයක් තුළ
21 හැවිරිදි තරුණියක මියගිහින්

මීරිගම ප්‍ර දේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ එහි සේවය කරමින් සිටි 21 හැවිරිදි තරුණියක අසාමාන්‍ය ලෙස මියයාම සම්බන්දයෙන් පොලිස් පරීක්ෂණයක් ආරම්භ තිබේ.
බැලුබැල්මට විදුලි සැර වැදචීමකින් මියගිය බවට ලක්ෂණ පෙන්නුම් කර ඇති නමුත්එහය අත්වැරදීමකින් සිදුවුණ එකක්ද නැතිනම් කිසිවෙකු හිතාමතා ඇය මරාදමා ඇතිද යන සැකය
පොලිසියට පහළවී තිබේ.
මීරිගම පොලිසිය ඉදිරිපිට පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම මරණය ඊයේ (13)
දහවල් වාර්තාවී තිබුණි. තරුණිය රූපලාවන්‍ය කටයුතු සම්බන්ධයෙන් මෙම ආයතනයේ සේවය කර ඇත්තේ පුහුණුවීමක් ලෙසයි.
දිනේෂා චතුරංගනී නැමති 21

හැවිරිදි මෙම තරුණිය මීරිගම කිතලවලාන ප්‍රදේශයේ පදිංචිකාරියක් බවද පසුව අනාවරණය විය. තරුණිය රූපලාවන්‍යාගාරය තුළ මියගොස් සිටින ආකාරය පළමුව දැක තිබුණේ එම ගොඩනැගිල්ලේ හිමිකාර කාන්තාවයි.
මෙම මරණය සිදුවන අවස්ථාවේදී රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගිය අනෙක් තරුණිය සිටි නොමැති අතර මියගිය තරුණිය පමණක් සිටි බව කියැවේ.
තරුණිය මියගිය ස්ථානය අසල කොණ්ඩය වියලන විද්‍යුත් උපකරණයක් හා විදුලි පේනුවක් තිබූ අතර එමෙ ස්ථානය අවට ජලයද විසිරී තිබූ නිසා තරුණියට විදුලි සැර වැදීමෙන් මියගොස්
ඇති බවට මුල් සැකය පහළ විය.
මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය වතුපිටිවල රෝහලේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(14) දින සිදු කිරීමට නියමිතයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment