ආර්ථික අර්බුදයෙන් ගොඩයන හැටි අනුර කියයි.

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට නම් නව ආර්ථික උපයෝගී මාර්ගයක් අනුගමනය කළ යුතු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මෙවර අයවැය ලේඛනය තුළින් එවැනි උපායමාර්ග අනුගමනය කර නොමැති බවත්, ආර්ථිකය ලිහිල් කිරීම එයට පිළිතුරක් නොවන බවත් දිසානායක මහතා පැවසීය.

අයවැය දෙවැනිවර කියවීමේ අවස්ථාවට ඊයේ (16දා) පාර්ලිමේන්තුවේදී සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

"2018 විදෙස් ණය ඩොලර් මිලියන 2132ක් ගෙවන්න තිබෙනවා. ඒ මුදල හම්බන්තොට වරාය විකුණලා ගත්තු මුදල වගේ දෙගුණයක්. 2019 ඒවගේ හතර ගුණයක් වැයවෙනවා.

ඒවගේම මෙවර අයවැයෙන්  සෘජු බදු වැඩිකරනවා කියා මුදල් ඇමති කිව්වා. නමුත් 2018 දී වක්‍රබදු 82% යි, සෘජු බදු 18% යි. මේ තත්ත්වය සෘජු බදු 60% වක්‍ර බදු 40% අනුපාතයට ගේනවා කිව්වා. කලින් තිබ්බේ  වක්‍ර බදු 80% සෘජු  බදු  20% අනුපාතයටයි. නමුත් මෙවර අයවැය ලේඛනයෙන් වක්‍රබදු  82% ට වැඩිකරලා, සෘජු බදු 18% ට අඩුකරලා. ඒ කියන්නේ පොදු ජනයා ගෙවන බදු වැඩි කරලා ඉහළ ආදායම් ලබන්නා ගෙවන බදු අඩුකරලා.

පැරණි යල් පැනපු සාම්ප්‍රදායික වට්ටෝරුවේ හිරවෙලා ආණ්ඩුව කටයුතු කරන්නේ. නව ආර්ථික උපයෝගී මාර්ගයකින් තොරව රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සොයන්න බැහැ" යනුවෙන් කියා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment