ඔබාමා දියණියගේ එංගලන්ත පෙම්වතා

ඔබාමා දියණියගේ එංගලන්ත පෙම්වතා

රෝරි සහ මලියා යන දෙදෙනාම 19 හැවිරිදිය. තවද මේ දෙදෙනාම මේ වන විට සිටින්නේ ඇමරිකාවේ හාවඩ් සරසවියේ අධ්‍යාපනය ලබමිනි. හාවඩ් සරසවියේ පාපන්දු තරගාවලියක් පැවැත්වෙමින් තිබෙන අතරවාරයේ රෝරි විසින් අනුරාගී ලෙස මලියාව සිප ගන්නා ආකාරය යමෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාල මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. ගින්න ඇවිලෙන්නට ගත්තේ එතැන් පටන් ය.

මලියා ඔබාමා බටහිර ලෝකයේ වඩාත්ම බලපෑම් සහගත තරුණිය වශයෙන් හඳුන්වා දිය හැකිය. මේ අතර ඇගේ හද දිනූ මේ සුදුජාතික කොලුවා කවුද?

රෝරිගේ පවුල බ්‍රිතාන්‍යයේ රජ පවුලට සබඳකම් තිබේ. එනම් ඔහුගේ දෙවන ඥාති සහෝදරයා රජ මාළිගයේ සේවයේ නියුතුව සිටින අයෙකි. එහිදී මහ රැජිනගේ විශ්වාසනීයත්වය දිනාගැනීමට ඔහු සමත් විය. චාල්ස් කුමරුට අයත් ක්ලැරන්ස් හවුස් හි ද ඔහු සේවය කර තිබෙන්නේ එහි දෙවන ස්වාමියා වශයෙනි. පසුව වැටුප් පිළිබඳ යම් ප්‍රශ්නයක් ඇති වූ හෙයින් ඔහු දැනට ඇලන්වික් මන්දිරයේ ස්වාමියා වශයෙන් කටයුතු කරයි. මෙම ඇලන්වික් මන්දිරය, හැරී පොටර් චිත්‍රපට ගණනාවක රූගත කිරීම් සඳහා යොදාගත් ජනප්‍රිය පසුතලයකි.

තවද රෝරිගේ පවුලේ ළඟම ඥාතියෙකුට ඔහු බ්‍රිතාන්‍ය අධිකරණයේ ගරු සාමාජිකත්වය තිබේ. එනම්, 1989 සිට 1995 කාලය දක්වා බ්‍රිතාන්‍යයේ අභියාචනාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරයෙක් වශයෙන් ඔහුගේ මාමා කෙනෙක් වන ශ්‍රීමත් ඩොනල්ඩ් ෆාක්සාවසන් කටයුතු කර තිබේ. 2011 වසරේ මෙම විනිසුරු මිය ගියවිට බ්‍රිතාන්‍යයේ ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත ලියා තිබුණේ මෙසේ ය. “ඔහුගේ පරපුරේ වඩාත්ම කැපී පෙනෙන ක්‍රිමිනල් බැරිස්ටර්වරයෙකි.”

රෝරි පාසල් සමයේදී සගයන් අතර ප්‍රචලිතව සිටියේ ‘සන්සුන් කොල්ලෙක්’ ලෙස ය. බ්‍රිතාන්‍යයේ රගර් ස්කූල් හි ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ ඔහු පසුව අධ්‍යාපනය ලැබීම සඳහා ඇමරිකාවේ හාවඩ් සරසවියට ඇතුල් වී තිබේ. ඔහුට තම සරසවියේම ඉගෙන ගන්නා මලියා ව මුණ ගැසෙන්නේ එහිදී ය.

මේ වන විට බ්‍රිතාන්‍යයේ පැපරාසි පුවත්පත් දිවා රෑ නැතිව වෙහෙස වෙමින් සිටින්නේ මලියාගේ පෙම්වතා ගැන තොරතුරු සොයන්නට ය. මේ වන විට ඔවුන් විසින් රෝරි මෙයට වසර කිහිපයකට පෙර පාසල් රග්බි සඟරාවක් වන’ ඵැඑැදර නමැති සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙන් ඔහුගේ පෞරුෂ ලක්ෂණ ගැන අනාවැකි කියන්නට පටන් ගෙන තිබේ. වඩාත් නිවැරදි ව කියන්නේ නම් රෝරිගේ පෞරුෂයේ තිබෙන ඌනතා හෝ යම් කිසි ‘කුණක්’ සොයන්නට පටන් ගෙන තිබේ. වැඩි ආරක්ෂාව සහ අනාගතය ගැන සිතා රෝරි දැනටමත් සිය ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දෙකම මිතුරු ලැයිස්තුවට පමණක් සීමාකරගෙන තිබේ.

රෝරි මේ කියන සඟරාවට වයස අවුරුදු 16 දී, එනම් මෙයට වසර 3කට පෙර ලියන ලද ලිපියක් වෙත මේ අනුව ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ. රවුම් මුහුණක් ඇති මේ ගැටවරයා මෙහිදී තමන්ගේ පෞද්ගලික ජීවිතයේ ඇතැම් තොරතුරු සැහැල්ලුවෙන් යුතුව ඔහේ කියා දමයි. 57 හැවිරිදි ආයෝජන බැංකුකරුවෙකු වන සිය පියාගෙන්, කෙල්ලන්ට ප්‍රියමනාප ලෙස පෙනෙන්නට අව් කණ්නාඩි දෙකක් හොරකම් කළ හැටි එහිදී ඔහු කියයි. තවද කෙල්ලන්නට ආකර්ෂණීය කොල්ලෙක් වන්නට ඔහු කළ කී දේ ගැන කියයි. රෝරි ඒ දිනවල පසුවී තිබෙන්නේ තමන් කෙල්ලන් අතර ජනප්‍රිය නොවනු ඇතැයි අනියත බියකිනි. ඒ නිසා මිතුරන් අතර සිටියදී ඔහු යම් යම් අපහසුතාවන්ට ද ලක් ව තිබේ.

කෙසේ නමුත් කෙල්ලන් අතර ජනප්‍රිය වූවත් නැතත් දැන් ඔහුට එය අදාළම නැත. ඔහු දැනටමත් ලෝකයේ වඩාත්ම කතා බහට ලක්වන පෙම් හබයක අනාගත කොටස්කාරයෙකි.

ඇමරිකාවේ බිහිවූ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා, සුද්දන්ගේ රටේ කොල්ලෙක් සහ රජ මාළිගයේ සේවය කළ පවුලක ඥාති පුතෙක් සිය වැඩිමල් දියණිය විසින් පෙම්වතා වශයෙන් තෝරාගැනීම ගැන දරන්නේ කුමන ස්ථාවරයක්දැයි තවම ප්‍රසිද්ධ නැත. පැහැදිලිවම ඔබාමාට තිබෙන්නේ පටු අදහස්වලින් හෝ හීනමානයෙන් ඔළුව උදුම්මා නොගත් සුන්දර හදවතකි. එනිසා නිසැක වශයෙන්ම ඔබාමා මෙන්ම මිෂෙල් ද සිය ලොකු දුවගේ නිදහස් කැමැත්තට ඉඩ දෙනු නිසැක ය.

රෝරි සිය යොවුන් සමයෙන් වැඩි කාලය ගත කර තිබෙන්නේ සෆෝක් හි අති සුන්දර මාට්ල්ස්හැම් නමැති ඉංග්‍රීසි ගම්මානයේ පවුම් මිලියන 1.6 ක් වටිනා අති සුන්දර ගම්බද මන්දිරයේ ය. ලෝකයා කුමක් කීවත්, මේ ගමේ වැසියන් දැන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තමන්ගේ ‘ගමේ කුමාරයා’ යම්කිසි මොහොතක සිය පෙම්වතිය මේ ගම්බද මන්දිරයට කැන්දා ගෙන ඒවිදැයි කියා ය.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment