ගෝඨා ඇල්ලීම දින නියමයක් නැතිව කල්යයි.


රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටියත් භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමෙන් පසුව එය දින නියමක් නොමැතිව කල් ගොස් ඇතැයි රාවය පුවත්පත වාර්තාකර තිබේ.

අදාළ භික්ෂූන් වහන්සේලා ජනපතිවරයා හමුව ඇත්තේ පසුගිය 21 වැනිදා රාත්‍රියේ ඒ මහතාගේ පැජට් පාරේ පිහිටි නිවසට ගොස් බවද එහි දැක්වේ.

මේ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා 22 වැනිදා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටයද අදාළ තත්ත්වය හමුවේ එය දින නියමයකින් තොරව කල් ගොස් ඇති බව පැවසේ.

හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට අනුමැතිය ලබාදී තිබූ බවද වාර්තා වේ.

ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ සිය දෙමාපියන් වූ ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ සහ එම මැතිනියගේ සොහොන් කොත් නවීකරණය කිරීමට රුපියල් ලක්ෂ නවසීයක (900) මහජන මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මතය.

මීට වසර කිහිපයකට පෙර ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ අධිකාරිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබියදි එම අධිකාරිය හරහා රුපියල් කෝටි නවයක පමණ මුදලක් ලබාගෙන ඩී. ඒ. රාජපක්ෂ පදනම හරහා එම සොහොන් කොත් ඉදිකිරීම වීරකැටිය ව්‍යාපෘතිය නමින් සිදු කර ඇති බව මුල්‍ය අපරාධ කොට්ඨාශය පවසයි.

මුළ්‍ය අපරාධ කොට්ඨාශයට ලැබුණ පැමිණිල්ලක් මත එම කොට්ඨාශයේ නිලධාරී එම ව්‍යාපෘතියට අදාළ ස්ථානය වෙත ගොස් පරීක්ෂා කර බලා අනතුරුව පරීක්ෂණ සිදු කර ඇති බවත් මේ වන විටත් රජයේ මුදල් යොදා එම සොහොන් කොත් හා ඒ අවට පරිසරය අලංකාර කර ඇති බව අනාවරණය වි ඇති බවත් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස ඒකකය පරීක්‍ෂණ ආරම්භ කිරීමත් සමඟ ලක්‍ෂ 250ක මුදලක් රජය වෙත ගෙවා ඇති බව හෙළිව තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment