අම්පාර මහජන බැංකු කළමණාකරුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්.


මහජන බැංකුවේ අම්පාර ශාඛා කළමණාකාර මහතාට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, මහජන බැංකු කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.

වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුලූ වී මෙලෙස ක්‍‍්‍රියාකර ඇති බව ශාඛා කළමණාකාර මහතා සහ ප‍්‍රාදේශීය කළමණාකාර මහතා විසින් මහජන බැංකු කළමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව, මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ 2017 නොවැම්බර් මස 20 වැනිදා ම අදාල ශාඛා කළමණාකාර මහතා විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇත. 

යම් මහජන බැංකු සේවකයකු ආයතනික විනය රීතීන් උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත් තරාතිරම නොබලා ආයතනික පැවැත්ම පිළිබඳ වූ විනය සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව කටයුතු කරන බව මහජන බැංකුවේ කළමණාකාරීත්වය දන්වා සිටියි.

සබැඳි පුවත්  : අම්පාරේ මහජන බැංකු කළමණාකරුට මරණ තර්ජන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment