යාපනයේ නැවත පදිංචි කිරීමට නෝර්වේ අතහිත

යාපනයේ නැවත පදිංචි කිරීමට නෝර්වේ අතහිත

මෙම හවුල්කාරත්වය හරහා UNDP විසින් නෝර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව වෙළඳපොළ පදනම් වූ ජීවනෝපාය සංවර්ධනය මගින් නැවත පදිංචි කරවූ ප්‍රජාවගේ ආර්ථික ශක්තිමත්භාවය සඳහා කටයුතු කරයි. මයිලඩි වරාය ආශ්‍රිතව ධිවර කර්මාන්තය නගා සිටුවීම ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්කයකි.

පසුගියදා මෙම හවුල්කාර ගිවිසුමට කොළඹදී අත්සන් තැබුණු අවස්ථාවට කොළඹ රාජකීය නෝර්වේ තානාපති කාර්යාලයේ ජේ්‍යෂ්ඨ උපදේශිකා විද්‍යා පෙරේරා  ද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහටහනේ සහකාර ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රාජේන්ද්‍රකුමාර් ගනේෂ්රාජා යන අය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම වාර්ෂික ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් ලක්ෂයක වියදමකින් සිදුකරනු ලබන්නකි. මයිලඩි වරාය ආශ්‍රිතව දිවි ගෙවන නැවත පදිංචි වූ පවුල් 550කට මෙයින් ආධාර සැපයේ.

-අමාලි ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment