පොලීසිය මහ රෑ ප්‍රභාත්ට පහරදෙයි - පූජිත, සාගල ඔබේ අවධානය පිණිසයි.


පොලිස් පහරදීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරීකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත් නිරෝෂන් බණ්ඩාර මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍යවේදියෙකුද වන ඔහු මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 11වෙනිදා අලුයම 10.30ට පමණ රද්දොලුගම පොලිස් ස්ථානයේ දී පොලිස් කොස්තාපල්වරයෙකු විසින් කල පහර දීමක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඒ මහතා,

"මම පොලිසියට ගියේ මගේ රියදුරා අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේ තමයි මේ පහර දීම සිදුවුණේ. මම ඒ වෙලාවේ පොලිසියේ නිලධාරියෙක් එක්ක කතා කර කර ඉන්නකොට මේ කොස්තාපල්වරයා ඇවිත් මට පහරදුන්නේ.

ඔහු මට පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන පරිදි බැන වැදුණා. ඉන් පස්සේ මට හොදටම පහර දීලා කුඩුවට දැම්මා.

ඊට පහුවෙනිදා තමයි මට ඇප හම්බුණේ. මාව උසාවි දාලා තිබුණේ වෙන නමකින් නිසා උසාවියට ගියත් නඩුව කතා කරපු මොහොතේ නඩුවට පෙනී ඉන්න බැරි වුණා. මොවුන් මේ සියල්ල සැලසුම් කරලා කලේ. 

ඒ වෙනකොට මට හොඳටම අමාරු වුන නිසා මම ගිහින් රෝහල් ගත වුණා. ඉන් පස්සේ රෝහල් පොලිසියේ පැමිණිල්ලක් කරා.

නීතිය හා සාමය රකින පොලිසිය කොහොමද පුරවැසියෙක්ට පහර දෙන්නේ?"

වල්මත්ව පුරවැසියන්ට පහරදෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පතිතුමනි, නීතිය හා සාමය අමාත්‍යතුමනි ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි අප අවධානයෙන් බලා සිටින්නෙමු.  

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment