ලීඩර් පබ්ලිකේෂන් නොදන්වා වසා දමලා.

ලීඩර් පබ්ලිකේෂන් ආයතනය කිසිදු පුර්ව දැනුම් දීමකින් තොරව වසා දමා ඇතැයි වාර්තා වේ.

එහි සේවකයින්ට දන්වා ඇත්තේ නොවැම්බර් මාසයේ මුල සිට එය වසා දමා ඇති බවයි.

එසේම එම ආයතනය විසින්ස ප්‍රකාශයට පත්කරන ලද ද සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත්පත්වල සේවකයින්ට දන්වා ඇත්තෙ ද එම ආයතනය නොවැම්බර් මාසය ආරම්භයත් සමග වසා දැමුණු බවයි.

කෙසේවුවද එහි සේවය කළ මාධ්‍යවේදීන්ට හා සේවකයන්ට සිවුමසක සිට වැටුප් ගෙවා නොමැති බවද වාර්තා වේ.

කිසියම් ආයතනයක් වසා දමන්නේ නම් අදාළ ආයතනය වසා දැමීමට පෙර කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කළ යුතුවන අතර එහි සේවකයන්ට තුන්මසක වැටුප් ගෙවීමද සිදුකළ යුතුය.

ලීඩර් පබ්ලිකේෂන් ආයතනය වසා දමා ඇත්තේ අදාළ කිසිදු රීතියකට ගෞරව නොකරය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment